ප්‍රකාශයක් ලබාදීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන් පිටත්ව ගොස් තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා අද (11) පෙරවරු 9.00 ට පමණ එම කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණියා.
පැය පහකට අසන්න කාලයක් ප්‍රක්ෂයක් ලබාදීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මෙලෙස එම කොට්ඨාසයෙන් පිටව ගොස් තිබෙනවා.
මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබදීම සඳහා ඔහුව අද (11) දිනයේ එම කොට්ඨාසය වෙත කැඳවා තිබුණා.













