Update – දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයට සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය හමුවෙයි

දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන ත්‍රිරෝද රථය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පාදුක්ක, පහළ බෝපේ ප්‍රදේශයේ දමාගොස් තිබිය දී මෙම ත්‍රිරෝද රථය සොයාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අද (11) අලුයම එල්ල කළ මෙම ට අත්බෝම්බ ප්‍රහාරයෙන් පිරිමි ළමුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඔවුන්ගේ 55 හැවිරිදි ඔවුන්ගේ පියා තුවාල ලබා රෝහල් ගත කළා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ නිවසේ නිදා සිටි 11 හැවිරිදි සහ 17 හැවිරිදි වියේ පසු වූ දරුවන් දෙදෙනෙක්.

සිද්ධිය සිදුවූ ස්ථානයේ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (11) උදෑසන සිදුකර තිබෙනවා.

මෙම ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන අරඹා තිබෙනවා.