ඉන්දියාව පරිගණක චන්ද්‍රිකාවක් කක්ෂගත කරයි

ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණික ආරම්භක සමාගමක් වන TakeMe2Space, රටේ පළමු කක්ෂගත පරිගණක චන්ද්‍රිකාව ලෙස හඳුන්වන MOI-1A චන්ද්‍රිකාව SpaceX රොකට්ටුවක් මගින් ඔක්තෝබර් 1 වැනිදා අභ්‍යවකාශගත කිරීමට සූදානම් වනවා.

කිලෝග්‍රෑම් 50කට අඩු බරකින් යුත් මෙම චන්ද්‍රිකාව පරිගණක ප්‍රොසෙසර්වලින් සමන්විතයි.

මෙහි විශේෂත්වය වන්නේ පෘථිවියට සියලුම දළ දත්ත යැවීම වෙනුවට චන්ද්‍රිකාව තුළදීම දත්ත සැකසීමට සහ AI ආකෘති ක්‍රියාත්මක කිරීමට හැකිවීමයි. පාරිභෝගිකයන්ට තම AI models චන්ද්‍රිකාවට upload කර, චන්ද්‍රිකාව අදාළ ප්‍රදේශය හරහා ගමන් කරන විට දත්ත විශ්ලේෂණය කර එහි ප්‍රතිඵල පමණක් පෘථිවියට ලබාගත හැකියි.

සමාගම පවසන්නේ දැනටමත් පාරිභෝගිකයන් 23 දෙනෙකු මෙම මෙහෙයුම සඳහා එක්ව ඇති බවයි. කෘෂිකර්මය, පතල් කර්මාන්තය, සැපයුම් දාම කළමනාකරණය සහ රක්ෂණ ක්ෂේත්‍ර සඳහා මෙම තාක්ෂණය භාවිත කිරීමට අපේක්ෂා කරනවා.

TakeMe2Space සමාගම 2027 සිට වඩා විශාල සහ එකිනෙකට සම්බන්ධ කළ හැකි චන්ද්‍රිකා නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර, කක්ෂයේ පරිගණක ධාරිතාව වැඩි කිරීම සහ දත්ත ගබඩා කිරීම සඳහා අභ්‍යවකාශය භාවිත කිරීම එහි දිගුකාලීන අරමුණු අතර වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්