ඉන්දියා–දකුණු අප්‍රිකා ආරක්ෂක සහයෝගීතාව තවත් පුළුල් වෙයි

නවදිල්ලියේ පැවති 18 වැනි BRICS සමුළුවෙන් පසු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර ආරක්ෂක හා හමුදා සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට නව අවධානයක් යොමුවී තිබෙනවා.

දකුණු අප්‍රිකාවට ඉන්දියාව සමඟ සමීප ආරක්ෂක සබඳතා තුළින් ඒකාබද්ධ නිෂ්පාදනය, තාක්ෂණික කුසලතා සංවර්ධනය සහ හමුදා ධාරිතා වර්ධනය සඳහා අවස්ථා හිමිවිය හැකි බව සඳහන්.

එමෙන්ම ඉන්දියාවේ වර්ධනය වෙමින් පවතින දේශීය ආරක්ෂක කර්මාන්තය හේතුවෙන් දකුණු අප්‍රිකාව සමඟ සහයෝගීතාව පුළුල් කරමින් ඉන්දියානු ආරක්ෂක නිෂ්පාදන සහ තාක්ෂණ සඳහා නව වෙළෙඳපොළද විවෘත කරගත හැකියි.

BRICS සමුළුවට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා හමුවී දෙරටේ උපායමාර්ගික හවුල්කාරීත්වයේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.

බහුපාර්ශ්වික සංවිධාන තුළ සමීප සම්බන්ධීකරණය තවදුරටත් පවත්වාගෙන යාමටද ඔවුන් එකඟ වී තිබෙනවා
.
ඉන් දින කිහිපයකට පසු දෙරට අතර පළමු Army-to-Army Staff Talks සාකච්ඡා නවදිල්ලියේදී පවත්වා තිබෙනවා.

හමුදා පුහුණු හුවමාරු සහ ඒකාබද්ධ ධාරිතා සංවර්ධනය පුළුල් කිරීම එහි ප්‍රධාන අවධානය වී ඇති අතර, එය දෙරටේ හමුදා අතර සෘජු සබඳතා සඳහා නව ආයතනික මාර්ගයක් ලෙස සැලකිය හැකියි.

දකුණු අප්‍රිකානු නියෝජිත පිරිස ඉන්දීය හමුදාවේ 505 Army Base Workshop වෙතද ගොස් තිබෙනවා.

එහිදී කෘත්‍රිම බුද්ධිය භාවිතය, තාක්ෂණික නවීකරණය සහ ඉන්දියාවේ දේශීය ආරක්ෂක නිෂ්පාදන හැකියාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32