අඟුලාන, මෝදර වත්ත සුසාන භූමියේ සැකකටයුතු බෑගයක් පරීක්ෂා කිරීමේදී එම බෑගයේ තිබී ජිව අත් බෝම්බ 02 ක්, කුඩා උණ්ඩ 26ක් සහ AK 47 වර්ගයේ ගිනි අවියකට යොදන උණ්ඩයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.
පසුව කැලණිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අදාළ බෝම්බ සහ උණ්ඩ නිරීක්ෂණය කිරීමෙන් පසු එම තොගය පොලිස් භාරයට ගනු ලැබුවා.
අද (01) දින මොරටුව මහේස්ත්රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමෙන් අනතුරව එම ජීව අත් බෝම්බ 02 සහ පතොරම් තොගය නිෂ්ක්රීය කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.
එම අත් බෝම්බ සහ පතොරම් තොගය කවුරුන් විසින් එම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අගුලාන පොලිසිය විසින් සිදු කරනු ලබනවා.













