ඉන්දියාව දුන්නු ඇ.ඩො.මි. 400ක මුදල නැවත ඉල්ලයි

ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 400ක ‘හුවමාරු ණය’ (SWAQ) ඉන්දියාවට වහාම ආපසු ලබාදෙන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පමණක් සංවර්ධනය කරන බව ශ්‍රී ලංකා රජය නිල වශයෙන් ප්‍රකාශ කර පැයක පමණ කාලයක් ඇතුළත ඉන්දියාව විද්‍යුත් තැපෑල ඔස්සේ පණිවුඩයකින් ​මෙම දැනුම්දීම කර ඇතැයි පැවසේ.

කොවිඩ් වසංගතයෙන් දැඩි බලපෑමට ලක්වූ මෙරට විදේශ සංචිත ඉහළ නැංවීමට හා රටේ මූල්‍ය ස්වාධීනත්වය සහතික කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400ක මුදල් හුවමාරු පහසුකම ලබාදීම සඳහා ඉන්දියානු සංචිත බැංකුව (RBI) සමග ගිවිසුම් අත්සන් කරන ලද්දේ 2020 ජූලි මාසයේදීය. මෙම ණය පහසුකම 2022 වසරේ නොවැම්බර් මාසය දක්වා ක්‍රියාත්මකවීමට නියමිතව තිබිණි.

මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් ‘අරුණ’ කරන ලද විමසීමකදී මෙම පුවත හෙතෙම තහවුරු කළේය. එසේම මෙම ණය මුදල් ආපසු ගෙවීමට සිදුවන්නේ අදාළ කල්පිරීමේ දිනයේ පවතින ඩොලරයේ අගය බැවින් ණය මුදල මේ මොහොතේ ලබාදීමට සිදුවුවහොත් සැලකියයුතු අතිරේක මුදලක් ගෙවීමට සිදුවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

නයන තරග ගමගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38