ලාංකීය සිනමා ඉතිහාසයේ අතිශය ප්රථම වතාවට ශ්රී ලංකාවේ සිනමා නිර්මාණයක් නිල වශයෙන් ඔස්කා සම්මාන උළෙල සඳහා ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා.
ඒ අනුව, පැවැත්වීමට නියමිත 99 වන ඔස්කා සම්මාන උළෙල සඳහා ශ්රී ලංකව නියෝජනය කරමින් ශ්රී ලංකා ජාතික චිත්රපට සංස්ථාව හරහා චිත්රපටයක් ඉදිරිපත් කිරීමට නියමිතයි.
ශ්රී ලංකා ජාතික චිත්රපට සංස්ථාවේ සභාපති, චිත්රපට අධ්යක්ෂ සුදත් මහදිවුල්වැව සඳහන් කළේ, 99 වන ඔස්කා සම්මාන උළෙලේ සංවිධානයකින් සමඟ දිර්ෂ කාලීනව සම්බන්ධ වීමෙන් මෙම අවස්ථාව උදා කර ගැනීමට හැකිවූ බවයි .
මෙතෙක් ශ්රී ලංකාවෙන් නිල වශයෙන්, රාජ්ය මැදිහත් වීමෙන් ඔස්කා උළෙලක් සඳහා චිත්රපටයක් ඉදිරිපත් වී නැහැ.
ඒ අනුව, ඔස්කා නිර්දේශවලට අනුකූලව තෝරාගත් මණ්ඩලයක් මඟින් 99 වන ඔස්කා සම්මාන උළෙලට ඉදිරිපත් කරන සිනමා නිර්මාණය තෝරා ගැනීමට නියමිත බව ශ්රී ලංකා ජාතික චිත්රපට සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.













