Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකා A කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

නැගී එන ආසියානු කුසලානයේ සිය ප්‍රථම තරගයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් වුණා.

ඒ, ඇෆ්ගනිස්ථානය කණ්ඩායම පරාජයට පත් කරමින්.

කාසිය වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක පවන් රත්නායකගේ ආරාධනයෙන් පිටියට පිවිසි, ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 35යි පන්දු 03කට ක්‍රීඩා කරමින් සියලු දෙනා දැවී රැස්කර ගැනීමට සමත් වුණේ ලකුණු 139ක් රැස්කර පමණයි.

ඒ අනුව, ලකුණු 140ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 21.04 කදී කඩුලු 04ක්‌ පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.