ඇෆ්ගනිස්තානයේ මන්ද පෝෂණය ඉහළට

2023 වසරේදී ඇෆ්ගනිස්තානයේ දරුවන් 875,000 ක් පමණ උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක ආහාර වැඩසටහන පවසනවා.

රට තුළ පවතින දරුණු ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ ඇෆ්ගන් දරුවන්ගේ තත්ත්වය තවත් නරක අතට හැරී ඇති බවයි ඔවුන් පවසන්නේ.

ඇෆ්ගනිස්තානයේ වෙසෙන කාන්තාවන් ද උග්‍ර මන්දපෝෂණය අභියස සිටින බව ලෝක ආහාර වැඩසටහන නිකුත් කර ඇති වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ වනවිට ඇෆ්ගනිස්තානයේ වෙසෙන පුද්ගලයින් මිලියන 23 කට පමණ හදිසි උපකාර අවශ්‍ය බවත්, එරට ජනගහනයෙන් සියයට 95 කට පමණ ප්‍රමාණවත් ආහාර නොමැති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
6
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?