ඇසළ පොහොය අදයි

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී ඇත.සිදුහත් කුමරා මහමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගැනීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූයේ අද වගේ දවසකයි.එමෙන්ම සිදුහත් කුමරුගේ අභිනිෂ්ක්‍රමණය සහ රාහුල කුමරුගේ උප්පත්තිය සිදුවී ඇත්තේද අද වැනි ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය.

අප මහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසළ පුර පෝය දිනකය. සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකය. එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයෑම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද අද වැනි ඇසළ පුර පෝය දිනකය. ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොවුතුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පුර පොහොය දිනයකයි. තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පුන් පෝ දිනයක සිදු විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ වගේ ගො# මොළ හින්දා තමයි රට ආපස්සට යන්නේ..කාදිනල් හිමිලනේ බෝ#බ උඩ දාගෙන ගියේ
03:47
Video thumbnail
වංචාවේ අගමුල හොයන්න ඕනි නම් විගණකාධිපති වාර්තාව නීතිපතිවරයට යොමු කරන්න
04:26
Video thumbnail
රාජිත හිනාවෙවී ආණ්ඩුව කිව්ව කියමන..වහලා තියෙන ලාල්කාන්තගේ ගෙදරට STF එකත් දාලනේ
02:45
Video thumbnail
කොහොමද ඉන්දීය උප ජනාධිපතිට දුන්න දැඩි ආරක්ෂාව
01:09
Video thumbnail
කොහොමද දිවයිනට ආ ඉන්දීය උප ජනාධිපතිට දුන්න දැඩි ආරක්ෂාව
01:33
Video thumbnail
ඉතිහාසයේ වෙච්ච වැරදි කියන එක සාධාරණ නෑ - මේක ලංකාවේ වෙච්ච විශාලම හොරකම..
04:30
Video thumbnail
මගීන්ගෙන් වැඩිපුර සල්ලි ගත්ත බස්වලට වැඩ වැරදුණු හැටි
01:24
Video thumbnail
මගීන්ගෙන් වැඩිපුර සල්ලි ගත්ත බස්වලට වැඩ වැරදුණු හැටි.."කොන්දොස්තර වැඩිපුර ගත්ත සල්ලි දෙන්න"
07:27
Video thumbnail
"අම්මෝ මගේ පුතා..වැඳලා කතා කරලා ආවේ"පුතා කරගත්තු විනාශය දැක්ක අම්මා හඬා වැටෙයි
01:36
Video thumbnail
ඇඳගල නබඩ වැව තුළ තිබී ජීව අත්බෝම්බයක් දිය නෑමට පැමිණි පුද්ගලයෙකුට හමුවෙයි
00:57