ඇලහැර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නිරුවත් කළ දෙදෙනෙක් ඇප මත නිදහස්

පසුගිය ජූලි මස 09 වනදා ඇලහැර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පහරදී නිරුවත් කළ බවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (22) නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදා හැරුණේ කොල්ලුපිටිය මෙතෝදිස්ත පාසලේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු වන තිලක් නවරත්න සහ සදුන් ධර්මරත්න යන දෙදෙනා වේ.

ඊයේ හඳුනාගැනීමේ පෙරට්ටුව සදහා සැකකරුවන් දෙදෙනා ආවරණ සහිතව ඉදිරිපත් කර තිබූ අතර හදුනාගැනීමේ පෙරට්ටුවේදී පහරකෑ පැමිණිලිකාර සභාපතිවරයා එක් සැකකරුවෙක් එහිදී හඳුනාගනු ලැබීය.

කොල්ලුපිටිය මෙතෝදිස්ත පාසල අසලදී මෙම පහරදීම සිදු කර ඇති බවත් cctv දර්ශන මත විමර්ශන සිදු කරන බවත් කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

දීර්ඝ කාලයක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව කියමින් ඔවුන් ඇප මත මුදා හරින ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔවුන් ඇප මත මුදා හැරියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?