ඇලස්කාවට ඉහළින් ගිය හඳුනා නොගත් වස්තුවකට ඇමෙරිකාවෙන් වෙඩි

ඇලස්කාවට අඩි 40,000 ක් පමණ ඉහළ අහසේ පාවෙමින් තිබූ හඳුනා නොගත් වස්තුවකට අමෙරිකාව වෙඩි තබා බිම හෙළා තිබෙනවා.

ධවල මන්දිරය පැවසුවේ අමෙරිකානු ප්‍රහාරක ගුවන් යානයක් මගින් එම හඳුනා නොගත් වස්තුවට වෙඩි තැබූ බවයි.

මෙම සිදුවීම වාර්තා වුණේ චීනයට අයත් බැලූනයක් අමෙරිකාවේ ප්‍රහාරක යානයක් මගින් මිසයිල ප්‍රහාරයකින් බිම හෙළා දින 06 ක් ගතවීමෙන් අනතුරුවයි.

අදාළ පාවෙන වස්තුව කුමක්ද යන්න හෝ එහි අරමුණ කුමක්ද යන්න හඳුනා ගෙන නොමැති නමුත් සිවිල් ගුවන් ගමන් කටයුතු සඳහා තර්ජනයක් එල්ල විය හැකි බැවින් ඊට වෙඩි තැබූ බව ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ මාධ්‍ය ප්‍රකාශක ජෝන් කර්බි පවසා තිබෙනවා.

අදාළ පියාසර වස්තුවේ අයිතිය කවුරුන් සතු ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බව ද ධවල මන්දිරය ප්‍රකාශ කළා.

එම වෙඩි තැබීම සිදු කළේ ජනාධිපති ජෝ බයිඩ්න් හමුදාවට ලබා දුන් නියෝගයකට අනුව බවයි ධවල මන්දිරයේ ප්‍රකාශකයා සඳහන් කළේ.

මෙම හඳුනා නොගත් වස්තුව චීන බැලූනයට සාපේක්ෂව කුඩා බවයි පැවසෙන්නේ.

එහෙත් එය කුඩා මෝටර් රථයක ප්‍රමාණයට සමාන බවත් ධවල මන්දිර ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
1
හරි හිනා !
3
හම්මෝ !
2
මාර දුකයි !
0
මලපනිනව !
4
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?