“ඇය සමඟ මමත් මිය ගියා” – දියණියගේ වියෝවෙන් පසු විජේ ඇන්ටනී කී කතාව

සියදිවි හානිකරගත් දමිළ සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු සහ සංගීත අධ්‍යක්ෂවරයෙකු වන විජේ ඇන්ටනීගේ දියණිය, මීරාගේ අවසන් කටයුතු පසුගිය බදාදා සිදුකර තිබෙනවා.

වයස අවුරුදු 16ක් වන ඇයගේ මෙම හදිසි වියෝවෙන් පසු විජේ ඇන්ටනී පළමු වරට සිය අදහස් බෙදාගැනීම සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

සිය නිල එක්ස් හෙවත් ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින් “ඇය සමඟ මමත් මිය ගියා. මම දැන් ඇය සමඟ කාලය ගත කිරීමට පටන් ගෙන ඇත.” යනුවෙන් විජේ ඇන්ටනී එහි සඳහන් කර තිබෙනවා.

“සියලු හදවත් ඇති මිනිසුන්, මගේ දියණිය මීරා ඉතා ආදරණීය සහ නිර්භීතය. ඇය දැන් කුලයෙන් තොර යහපත් සාමකාමී ස්ථානයකට ගොස් ඇත. ආගම, මුදල්, ඊර්ෂ්‍යාව, වේදනාව, දුප්පත්කම සහ පළිගැනීම ඇය තවමත් මා සමඟ කතා කරයි.” යනුවෙන් විජේ ඇන්ටනී සිය එක්ස් ගිණුමේ තැබූ සටහනේ වැඩිදුරටත් සඳහන්.

පසුගිය 19 වන දින අලුයම 3.00ට පමණ විජේ ඇන්ටනිගේ දියණිය, ඇගේ කාමරය තුළ මියගොස් ඇති බව වාර්තා වූ අතර, ඔහු විසින් ඇයව පෞද්ගලික රෝහලකට ගෙන ගිය අතර එහිදී ඇය රැගෙන එන විටත් මියගොස් සිටි බවයි වාර්තා වුණේ.

චෙන්නායි හි පෞද්ගලික පාසලක ඉගෙනුම ලැබූ ඇය මානසික අවපීඩනය හේතුවෙන් ප්‍රතිකාර ලබාගත් බවට ද තොරතුරු වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
0
+1
1
+1
34
+1
4
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චරිත අබේසිංහවත් එල්#න්න ද..? සජිත්ගෙන් කවුරුත් නොසිතු උත්තරයක්
02:41
Video thumbnail
ජනපතිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මීට වැඩිය ශික්ෂ සම්පන්න බවක් තියෙන්නෙ ඕනි
04:21
Video thumbnail
චාමරගෙන් සැර සත්තමක් - විනාඩි 10ට කොහොමද අපි රටේම ප්‍රශ්න කියන්නේ
02:19
Video thumbnail
ජනපතිගේ කතාවට සජිත් රිදෙන්නම දෙයි - අමුතු සිහිනයක් මවාගෙන ඉන්නේ
10:52
Video thumbnail
චමින්ද විජේසිරිගේ නඩුව කල්යයි - චාමර, දයාසිරි ඇතුළු දේශපාලන ප්‍රබලයින් රැසක්ම ඇවිත්
01:59
Video thumbnail
පොහොට්ටුවේ පුත්තලම් දිස්ත්‍රික් නව සංවිධායකවරුන් පත්කරයි
02:03
Video thumbnail
අද උදේ අත්අඩංගුවට ගත් අයගේ රහස් ජනපතිගේ කටින් හෙළිවෙයි - මේ කියන්නේ සජබයේ චරිත් ගැනද ?
01:55
Video thumbnail
රංගට, ශානිට, රවීට අට්ටාල ග#හලා චෝදනා කරන්නේ ඇයි ?එයාලා වැරදි නෑ ඒකට
05:23
Video thumbnail
ජනපති පාර්ලිමේන්තුවට ආපු ගමන් විපක්ෂයට දැම්ම සැර සත්තම - අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්
08:21
Video thumbnail
කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ආ ජනපති අනුර කුමාර
00:47