Indian Premier League

ඇඹිලිපිටිය උණුසුම්.. දේහය රැගෙන රෝහල වටලති..

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මිය ගිය බව පවසමින් අද සවස එම තරුණයාගේ දේහය ඇඹිලිපිටිය රෝහල වෙත විරෝධය පෑම සදහා ගෙන යෑමේදී පොලීය හා එම පිරිස අතර උණුසුම් තත්වයක් ඇතිවිය. ඔවුන් පවසන්නේ ඇඹිලිපිටිය රෝහලේදී මෙසේ මියගිය බවයි.

ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනය ඉදිරිපිට පදිංචි එ.ඒ.ඒ රසික චතුරංග (29) හැවිරිදි තරුණයෙකු. පවුලේ ඥාතීන් පවසන්නේ පසුගිය 23 දින පපුවේ වේදනාවක් ඇතිවී මෙම තරුණයා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කල බවත්  වෛද්‍ය වරුන්ගෙන් මෙම තරුණයාට නිසි ප්‍රතිකාර නොලැබුනු බවත් පවසමින් මියගිය අයගේ  සහෝදරයා විසින් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ සමන්තා රාමචන්ද්‍ර මහත්මිය වෙත ලිඛිත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත. මෙම රෝගීයා පපුවේ අමාරුව හැදී රෝහලට ගෙන ගියක් එහි සිටි වෛද්‍ය වරියක  රෝගියකුයට කතා නොකල යුතු ආකාරයෙන් කතා කර ඇති බව ඥාතීන් පවසයි. කෙසේ උවද මේ සම්බන්ධයෙනස් විශේෂ පරික්ෂණයක් ඔවුන් ඉල්ලා සිටි අතර මියගිය අයගේ මෘත දේහය වැඩිදුර පරික්ෂණ සදහා කරාපිට රෝහල වෙත ගෙන යන ලදී. පසුව 04 දිනයේදී  පවුලේ සුසාන භුමියේදී භූමදානය කිරීමට තිබූ දේහය මියගිය අයගේ ඥාතීන් සහ තරුණ පිරිස විසින් දේහය රැගෙන විරෝධය දැක්වීම සදහා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ගමන් ගන්නා විට ඇඹිලිපිටිය පොලීසියේ ස්ථානාධිපති වරයා සහ තවත් පොලිස් නිළධාරීන් 30ක් පමණ පැමිණ දේහය රෝහල හෝ වෙනත් ස්ථානයකට රැගෙන නොයන ලෙසත් පවුලේ සුසාන භූමිය වෙත ගෙන යන ලෙසද දැන්වීය. ඔවුන් විවිධ සටන් පාඨ ප්‍රදර්ශණය කරමින් බැනර් පොවරුද අතින් ගෙන එම ස්ථානයේදී විරෝධ දැක්වීය.එහිදී තමන්ට වෛද්‍ය වරුන්ගෙන් සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් පොලීසියට කරුණු කියට විය. පසුව පොලීසියේ උපදෙස් මත දේහය නැව පවුලේ සුසානභූමිය වෙත ගොස් භූමදානය කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?