ඇමරිකාවෙන් මන්නාරම වෙරළට ගසාගෙන ආව අමුතු භාණ්ඩේ

මන්නාරම යුද හමුදා කඳවුර ආසන්නයේ පිහිටි මුහුදු වෙරළට සන්නිවේදන උපකරණ සහිත පෙට්ටියක් ඊයේ (20) සවස ගොඩගසා තිබියදී සොයාගත් බව මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

මන්නාරම සවුත්බාර් යුදහමුදා කඳවුර ආසන්නයේ පිහිටි මුහුදු වෙරළට හඳුනානොගත් සන්නිවේදන පෙට්ටියක් ගොඩගසා ඇති බව ප්‍රදේශයේ ධීවරයෙකු දැක ඒ පිළිබඳව ආරක්ෂක අංශවලට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව එම ස්ථානයට පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව පැමිණ අදාළ සන්නිවේදන පෙට්ටිය පරික්ෂා කිරීමට පියවර ගත්තා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශ නිලධාරීන් විසින් අදාළ පෙට්ටිය පරික්ෂා කිරීමෙන් පසුව අනාවරණය වී ඇත්තේ, එය බියවිය යුතු අන්දමේ කිසිවක් නොමැති අතර, කාලගුණික විපර්යාසයන්හි වෙනස්වීම් සහ කාලගුණික තත්ත්වයන් පරික්ෂා කිරීම් සඳහා යොදාගත් එකක් බවට සැක කරන බවයි.

එම උපකරණය මුහුදට නොයන අයුරින් සෘජිෆෝම් පෙට්ටියකට සවිකොට ඇති අතර, එය කවුරුන් විසින් මුහුදට දැමුවේ දැයි, යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

බොහෝ සෙයින් මෙම පෙට්ටිය නැව්වලින් දමන්නට ඇති බවට ද එම උපකරණය ඇමරිකාවේ නිෂ්පාදනයක් බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළා.

නමුත් උපකරණය මේ වන විට දැඩි අබලන් තත්ත්වයේ පැවතීම හේතුවෙන් දවස් කිහිපයක් මුහුදේ පාවීම නිසා මෙලෙස උපකරණයට හානි සිදු වන්නට ඇතැයි ද ඒ පිළිබඳව වැඩිදුර පරික්ෂණ සිදු කරන බව ද මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44