ඇමති රොෂාන්ගේ වාහන අංගනයකින් සොයාගත් සැප රිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් දඹුල්ල ප්‍රදේශයේ පිහිටි වාහන අංගනයක් තුළ තිබිය දී සොයාගත් නීති විරෝධීව මෙරටට ගෙන් වූ බව කියන ජීප් රථය සම්බන්ධයෙන් පොලීසිය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව අද (25) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ එලෙස සොයාගත් බව කියන ලෑන්ඩ් කෲසර් වර්ගයේ ජීප් රථය හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අතර කිසිඳු සම්බන්ධතාවක් නොමැති බවයි.

ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබෙන ආකාරයට මෙම ජීප් රථය සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර සම්බන්ධතාවක් මෙතෙක් සිදුකළ විමර්ශනවල දී අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

අදාළ රථයේ හිමිකරුවන් මේ වනවිටත් දඹුල්ල පොලිසිය වෙත ඉදිරිපත්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

නීති විරෝධීව මෙරටට ගෙන් වූ බව කියන වාහන දෙකක් දඹුල්ල සහ පොළොන්නරුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළ අතර, තව දුරටත් මෙම වාහන සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට අයත් දඹුල්ල ප්‍රදේශයේ පිහිටි වාහන අංගනයක් තුළ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් සඟවා තිබිය දී ලෑන්ඩ් කෲසර් වර්ගයේ ජීප් රථයක් පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස අද (25) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් මෙරට ජාතික පුවත්පතක පළකර තිබූ ප්‍රවෘත්තියක් උපුටා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම අදහස් පළකර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
10
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට..අහුවෙන එකෙන් අරන් ප#ර දෙන්නේ
05:05
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32