AFC Banner
Empty Ad
Empty Ad

ඇමති කංචන සහ වෘත්තීය සමිති අතර හමුවක්

ලංකා විදුලිබල බණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් විදුලි වෘත්තීය සමිති නියෝජිතයින් දැනුම්වත් කර තිබෙනවා.

විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර විසින් සියලු වෘත්තීය සමිති කැඳවා අදාළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිශ්චිත පැහැදිලි කිරිමක් සිදුකළ බවයි.

විදුලිබල ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති 31ක නියෝජිතයින් මෙම සාකච්ඡාව සදහා සහභාගි වී ඇති අතර ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ඔවුන් විසින් ද මෙහිදී යෝජනා ඉදිරිපත් කර ඇතැයි සඳහන්.

අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ ප්‍රතිසංස්කරණ ව්‍යුහය සකස් කිරීමට අදාළ ඉදිරි කටයුතු වලදී එම යෝජනා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සූදානම් බවයි.

ඒ අනුව යෝජිත ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ ව්‍යුහය, ප්‍රතිපත්ති සහ මාර්ග සිතියම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

ඊට අමතරව සංස්ථාපිතකරණය, මානව සම්පත් කළමනාකරණය, සේවක ප්‍රතිලාභ, අතිරික්ත සේවකයින්ට සැලකීම, කළමනාකරණ ව්‍යුහයන් සහ ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ කාර්යභාරය පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු වූ බව විදුලිබල අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?