ඇමති කංචන සහ වෘත්තීය සමිති අතර හමුවක්

ලංකා විදුලිබල බණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් විදුලි වෘත්තීය සමිති නියෝජිතයින් දැනුම්වත් කර තිබෙනවා.

විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර විසින් සියලු වෘත්තීය සමිති කැඳවා අදාළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිශ්චිත පැහැදිලි කිරිමක් සිදුකළ බවයි.

විදුලිබල ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති 31ක නියෝජිතයින් මෙම සාකච්ඡාව සදහා සහභාගි වී ඇති අතර ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ඔවුන් විසින් ද මෙහිදී යෝජනා ඉදිරිපත් කර ඇතැයි සඳහන්.

අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ ප්‍රතිසංස්කරණ ව්‍යුහය සකස් කිරීමට අදාළ ඉදිරි කටයුතු වලදී එම යෝජනා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සූදානම් බවයි.

ඒ අනුව යෝජිත ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ ව්‍යුහය, ප්‍රතිපත්ති සහ මාර්ග සිතියම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

ඊට අමතරව සංස්ථාපිතකරණය, මානව සම්පත් කළමනාකරණය, සේවක ප්‍රතිලාභ, අතිරික්ත සේවකයින්ට සැලකීම, කළමනාකරණ ව්‍යුහයන් සහ ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ කාර්යභාරය පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු වූ බව විදුලිබල අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21