අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබූ ලංකා ධීවර නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මහීල් සේනාරත්න ඇප මත මුදා හැර ඇති නමුත් ඇප කොන්දේසි නිසි පරිදී සම්පූර්ණ කරගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සැකකරු අද (18) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට ඇප හිමිව තිබුණි.
එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර, සැකකරුගේ විදෙස් ගමන්ද තහනම් කිරීමටයි.
නමුත් සැකකරුට ඇප කොන්දේසි නිසි පරිදී සම්පූර්ණ කරගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මහීල් සේනාරත්න හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සහෝදරයෙකු වන අතර ඔහු, 2010-2012 කාල වකවානුවේ ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.













