AFC Banner
Empty Ad
Empty Ad

ආසියාවේ ප්‍රබලයින් අතරට ආ ලංකාවේ ඩිනාරා

ෆෝබ්ස් සඟරාව විසින් 09 වැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ “30 අන්ඩර් 30 ඒෂියා” ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඩිනාරා පුංචිහේවාට හැකිව තිබෙනවා.

ආසියා පැසිෆික් කාලාපයේ වෙනසක් ඇති කළ ව්‍යවසායකයන්, නායකයන් සහ විවිධ ක්ෂේත්‍රවල පුරෝගාමීන් 300 දෙනෙකු මෙම ලැයිස්තුවට ඇතුළත්ව සිටිනවා.

එම සියලු දෙනාම වයස අවුරුදු 30ට අඩුවීම විශේෂත්වයක්.

ලෝ ප්‍රකට ෆෝබ්ස් සඟරාව මඟින් ප්‍රසිද්ධියට පත්කරන “30 අන්ඩර් 30 ඒෂියා” ලැයිස්තුව කාණ්ඩ 10ක් යටතේ මෙම ලැයිස්තු ගතකිරීම කර තිබෙනවා.

ඒ, අනුව රසවින්දන සහ ක්‍රීඩා අංශයෙන් ඩිනාරා පුංචිහේවා මෙම ලැයිස්තුවට ඇතුළත්ව සිටිනවා.

ඩිනාරා පුංචිහේවා 2018 වසරේ දී ඇයගේ ම චිත්‍රපටයක් වන ‘මාලා’ ඔස්සේ චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසියා.

ඇය ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියක් වන අතර, අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන්ට රංගනයට අවතීර්ණ වීමට අවස්ථාව ලබාදෙන ;පුංචි ඇක්ටර්ස්; නම් ලාභ නොලබන ආයතනයේ ද නිර්මාතෘවරිය වන්නේ ඇයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?