ආසියානු කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ඉන්දියාවට

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වී තිබෙනවා.

ඒ ඊයේ පැවති, පාකිස්තානය සමග තරගයෙන් විශිෂ්ඨ ලෙස ජය ගැනීමත් සමඟයි.

පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ලකුණු 228කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 356ක් රැස්කරගැනීමට සමත්විය.

එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අගනා පිතිකරණයක නියැලුණු කෝලි සහ කේ එල් රාහුල් ශතකය බැගින් රැස්කිරීමට සමත්විය.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ කෝලි එක්දින පිටියේ ලකුණු 13,000 සීමාව පසුකර යාමට අද සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි පාකිස්ථන කණ්ඩායමට පන්දු ඕවර 32 දී සියළු දෙනාම දැවී ලකුණු 128 ක් ලබා ගත්තා.

ඒ අනුව අද තරගය ඉන්දීය කණ්ඩායම ලකුණු 228 කින් ජයග්‍රහණය කළා.

පාකිස්ථාන කණ්ඩායමේ Fakhar Zaman ලකුණු 27, Agha Salman ලකුණු 23, Iftikhar Ahmed ලකුණු 23 ක් තම කණ්ඩායම වෙනුවෙන් ලබා ගත්තා.

ඉන්දියාව එහි පෙරමුණේ පසුවද්දී ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේත්, පාකිස්ථානය තුන්වන ස්ථානයේත් පසුවනවා.

එහි අවසන් ස්ථානයේ මේ වනවිට පසුවන්නේ තරග දෙකකට මුහුණ දී තරග දෙකම පරාජයට පත්වූ බංග්ලාදේශ කණ්ඩායමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?