ආර්ථික අර්බුධයෙන් පීඩාවට පත්වූවන්ට රුසියාවෙන් sunflower oil

ලෝක ආහාර වැඩසටහනට (WFP) දක්වන දායකත්වයේ කොටසක් ලෙස රුසියාව ශ්‍රී ලංකාවේ ජනතාව වෙත සූරියකාන්ත තෙල් (sunflower oil) තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

විටමින් සහ ඛනිජ ලවණවලින් පොහොසත් සූරියකාන්ත තෙල් ටොන් 352ක් පමණ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති බවයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය සඳහන් කළේ..

මෙම පරිත්‍යාගය සනිටුහන් කිරීමේ උත්සවයට එක්වෙමින් රුසියානු තානාපති ලෙවන් ධගාරියන් (Levan Dzhagaryan) පැවසුවේ මෙය රුසියානු – ශ්‍රී ලංකා සබඳතා වර්ධනයේ සැබෑ ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරන බවයි.

රුසියානු විදේශ ප්‍රතිපත්තියේ එක් අරමුණක් වන්නේ ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ මානුෂීය ගැටලු විසඳීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම බව තානාපතිවරයා පෙන්වා දී තිබෙනවා.

රුසියානු සමූහාණ්ඩුව කිසි විටෙකත් පසෙකට වී නොමැති අතර තම රට මුහුණ දෙන අභියෝග මධ්‍යයේ වුවද මිත්‍ර රාජ්‍යයන්ට අඛණ්ඩව සහයෝගය ලබා දෙන බවයි ඔහු කියාසිටියේ.

මෙම සූරියකාන්ත තෙල් ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිතයන් හරහා ආර්ථික අර්බුදයෙන් විපතට පත් වූවන් සඳහා හදිසි මෙහෙයුමක් ලෙසට බෙදා හැරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දොරට ගහපු කොල්ලා උඩින් බිමට වැටුණු හැටි
08:58
Video thumbnail
දෙන්නක් අවසන් ගමන් යවපු අනතුර - එද්දී එක්කෙනෙක් බිම අනිත් කෙනා ඇතුළේ
03:21
Video thumbnail
පරණ අවුරුදු දා රෑ සද්දෙට රේස් පැදපු අය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
01:00
Video thumbnail
පරණ අවුරුදු දා රෑ සද්දෙට රේස් පැදපු අය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
03:48
Video thumbnail
අලුත් අවුරුද්දේ වජිර කරපු සුපිරි කතාව
02:57
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34

?