ආර්ථික අර්බුදය ජයගන්න රජයට පූර්ණ සහාය දෙනවා – විදෙස් තානාපතිවරු

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට පූර්ණ සහාය ලබාදෙන බව විදෙස් තානාපතිවරු අද (22) ජනපතිට දැනුම් දී තිබෙනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පිළිබඳව විදෙස් තානාපතිවරු දැනුවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා.

පැරිස් සමාජය (Paris Club) සහ පැරිස් සමාජයට අයත් නොවන රටවල් 23කට අයත් තානාපතිවරු මෙම සාකච්ඡාව සහභාගී වී සිටිබව සදහන්.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වූ සාකච්ඡා මෙම වසර අවසන්වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තුවන බවයි.

රංජිත් සියඹලාපිටිය, තාරක බාලසූරිය, ෂෙහාන් සේමසිංහ යන රාජ්‍ය අමාත්‍යවරු හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
3
මලපනිනව !
2
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?