ආරක්ෂක අංශ සතුව පැවති යාපනයේ ඉඩම් අක්කර 108ක් ජනතාවට

යාපනය,වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් අක්කර 108ක් නිදහස් කිරීම අද (03) ධීවර කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ යුද හමුදා කඳවුරු සීමාවන් තුළ පැවති ඉඩම් අක්කර 108ක් පවුල් 197ක් අතර මෙලෙස බෙදාදුන් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට මහතා විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ.ශිවබාලසුන්දරම් මහතා වෙත ඉඩම් නිදහස් කිරීමට අදාළ ලියවිලි භාදීම සිදු කර තිබෙනවා.

වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ J/234, J/245, J/246 යන ග්‍රාම නිළධාරි කොට්ඨාශයන්ට අයත් ඉඩම් කොටස් එහිදි නිදහස් කර ඇති බවයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළේ.

අදාළ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මධ්‍ය ඒකකය පසුගියදා නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ, පෙබරවාරි 04 වනදාට යෙදෙන 75 වන නිදහස් දින සැමරුමට පෙර උතුරේ ඉඩම් නිදහස් කර මුල් පදිංචි කරුවන් වෙත බාර දෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් පොරොන්දුව ඉටු කරමින් ආරක්ෂක අංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇති බවයි.

ජනතාවට භාර දෙනු ලබන බිම් කොටස් අතර යුද හමුදාව භාවිතයේ පැවති බිම් කොටස් 05ක් සහ නාවික හමුදාව භාවිතයේ පැවති එක් බිම් කොටසක් භාරදීමට නියමිතව තිබුණා.

යාපනය වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉඩම් රැසක් තවමත් පලාලි යුධ හමුදා කඳවුරු සීමාවන් තුළ පවතින බව යාපනය ජනතාව පවසනවා.

අද ඉඩම් නිදහස් කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, අංගජන් රාමනාදන්, යාපනය ප්‍රාදේශීය ලේකම්වරුන් මෙන්ම ඉඩම් අයිතිකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

පසුගිය තෛපොංගල් දින යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතවු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූවේ “අපි අද සාකච්ජා කළා. යාපනයේ ඉඩම් ආපසු ලබාදීම ගැනත් අපි සාකච්ජා කළා. යුද්ධ කාලයේදී මේ ප්‍රදේශය ආරක්ෂා කරන්න ඕනේ නිසා යුද්ධ හමුදාව අක්කර 30000ක් පමණ තමන් යටතේ ක්‍රියාත්මක කළා. අද ඉතුරුවෙලා තිබෙන්නේ අක්කර 3000යි.ඒත් තව කොටසක් භාර දෙන්න හමුදාව කැමතියි. ඒ ගැනත් අපි කතා කරනවා.” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 05.03.2026
08:15:39
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් සැර සත්තමක්.."159 හුන්ඩුවට දාලා සේරුගාලා වන්ඩුදාලා තම්බලා ගන්න ඕනි"
06:39
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..හිටපු ජනපතිලා කැඳවන්න
00:31
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..ඉක්මනින් හිටපු ජනපතිලා කැඳවන්න..රටේ තත්ත්වය භයානකයි..
05:57
Video thumbnail
වරාය බලධාරින්ට ත#ජනය කරලා ?විමල්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්.. නැව වරායට ගත්තොත් ප්‍ර#රයක්?
05:54
Video thumbnail
මිහින්තලේ හිමි ආණ්ඩුවට ගැමි උපකරණ ගැන Review එකක් දෙයි.."මෙන්න හුන්ඩුව..තවමත් හුන්ඩු මානසිකත්වයේනේ"
03:51
Video thumbnail
හුන්ඩුව නිසා විමල්ට නහුතෙටම තදවෙයි..විපක්ෂයේ ගොබිලයොන්ට මේක තේරෙන්නේ නෑ
05:09
Video thumbnail
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ චිමිනියකින් විශාල කළු දුමාරයක්
00:09
Video thumbnail
හෙක්ටර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව..කල්පිටිය ප්‍රදේශයම කළු දුමාරයකින් වැහිලා ගිහින්
02:31
Video thumbnail
ලංකාවට කාටවත් කිසිම බලපෑමක් කරන්න බෑ..නාවික හමුදාව ජාත්‍යන්තර නීතිය අකුරට පිළිපැදලා තියෙන්නේ..
06:17