AFC Banner
AFC Banner
Empty Ad

ආනයනික පොල්තෙල් මිල ඉහළට – කිලෝග්‍රෑමයක් රු:800ක්

ආනයනික පොල්තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව නව මිල දැක්වෙන්නේ පොල්තෙල් කිලෝග්‍රෑමයක් රුපියල් 800ක් ලෙසයි.

වර්තමානයේ වෙළෙඳපොළ තුළ පොල් මිල ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවයි පැවසෙන්නේ.

පොල් මිල ඉහළ යාම මත දේශීය වශයෙන් සිදු වන පොල්තෙල් නිෂ්පාදන ක්‍රියාවලියට ද බාධා එල්ල වී ඇති අතර මේ වනවිට පොල් ගෙඩියක් වෙළෙඳපොළ තුළ විකිණෙන්නේ රුපියල් 150 – 200 අතර මිලකටයි.

සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා පෙන්වා දෙන්නේ වෙළෙඳපොලේ ඇති පොල් මිලට ගෙන තෙල් හිඳීමෙන් කිසිදු ලාභයක් ලැබිය නොහැකි බව ද හෙතෙම පෙන්වාදෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?