සෑම වෘත්තිකයෙකුටම මාතෘ භූමිය වෙනුවෙන් තවදුරටත් කළ යුතු නිදහස් අරගලයක් ඇති බව ජනපති කියයි (වීඩියෝ)

නූතන පුරවැසියන් ලෙස අභිමානවත්ව රට තුළ ජීවිත්වීමට අවශ්‍ය නිදහස නිර්මාණය කර ගැනීම වෙනුවෙන් එක්ව යා යුතු ගමනක් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ දී ජාතිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෙරට සෑම වෘත්තිකයෙකුටම මාතෘ භූමිය වෙනුවෙන් තව දුරටත් කළ යුතු නිදහස් අරගලයක් ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

ගෝලීය ආර්ථික පද්ධතිය තුළ දුබලයෙකු නොවී ආර්ථික තලය තුළ නිදහස් සාක්ෂාත්කර ගැනීමට සියලුදෙනා එක්ව මාතෘ භූමිය වෙනුවෙන් කැපවිය යුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.

තමන්ට ඉතිහාස විසින් භාරදුන් රට නොව පුරවැසි අභිමානයට ගරුකරන, දියුණු සංස්කෘතික මනුෂ්‍යත්වයක් සහිත රටක් තමා අනාගත පරපුර වෙනුවෙන් භාරදෙන බවයි ජනාධිපතිවරයා මෙහිදී පොරොන්දු වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38