බිරිඳ මැරූ සැමියා පොලිසියට ඇවිත් භාරවෙලා (ඡායාරූප)

නිවසේ නිදාගෙන සිටි බිරිඳව පිහියකින් පහර දී ඝාතනය කළ සැමියෙක් අද (04) උදෑසන නාවලපිටිය පොලිසියට පැමිණ භාර වී තිබෙනවා.

මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ නාවලපිටිය, සෙම්රොක් ප්‍රදේශයේ පදිංචිව සිටි ගයානි දිල්රුක්ෂි කුමාරි නැමැති (46) හැවිරිදි තිදරු මවක්.

කොළඹ ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවයේ නිරතව ඇති එම කාන්තාව, දානමය පිංකමක් සඳහා සහභාගීවීමට ඊයේ (03) නාවලපිටිය ප්‍රදේශයට පිහිටි දියණියගේ නිවසට පැමිණ එහි නතර වී තිබෙනවා.

එම කාන්තාව නිවසේ නිදා සිටිය දී අද (01) අලුයම් කාලයේ පිහියක් ද සමඟ හොර රහසේ එම නිවසට ඇතුළු වූ සැමියා විසින් ඇයට පිහි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී පිහි ප්‍රහාරයෙන් බේරීම සඳහා කාන්තාව නිවසින් පිටතට දිවගොස් තිබූ අතර, ඇය පසුපස හඹා ගිය සැමියා නිවසින් පිටතදීත් යළිත් ඇයට පිහියෙන් ඇණ ගලකින් හිසට පහර දී ඝාතනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම අවස්ථාවේ මව බේරීමට ගිය දියණියට ද තුවාල සිදුව ඇති අතර, ඝාතනයට ලක් වූ කාන්තාව සහ සැමියා අතර නිරන්තරයෙන් ගැටුම් ඇතිවීම හේතුවෙන් දෙදෙනා කාලයක සිට වෙන්ව ජීවත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිදුකරන ලද මූලික විමර්ෂණවල දී අනාවරණය වී ඇත්තේ පවුල් ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති බවයි.

නාවලපිටිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර තිබෙනවා.

11
9
8


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58