AFC Banner
AFC Banner
Empty Ad

ආංශික අධීක්ෂණ කාරක සභා 8ක් මේ මස රැස්වෙයි

ආංශික අධීක්ෂණ කාරක සභා 8ක් මාර්තු 8 සහ 9 යන දෙදින තුළ පළමු වරට රැස්වන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා.

මෙම පළමු රැස්වීම්වලදී ආංශික අධීක්ෂණ කාරක සභා 8 ම සඳහා සභාපතිවරුන් පත්කිරීමට නියමිත අතර කාරක සභා 4ක සභාපතිවරුන් ආණ්ඩු පක්ෂයෙන් ද සෙසු හතරේ සභාපතිවරුන් විපක්ෂයෙන් ද පත්කිරීමට නියමිතයි.

පසුගියදා කථානායක ගරු. මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ආංශික අධීක්ෂණ කාරක සභා 17ක නම් පාර්ලිමේන්තුවට ප්‍රකාශයට පත් කළ අතර, පහත සඳහන් කමිටු 8 මාර්තු 8 සහ 9 යන දිනවල රැස්වීමට නියමිතයි.

මාර්තු 08 බදාදා ආගමික කටයුතු සහ සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව,සංහිඳියාව සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව,ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව, පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව යන සභා 04 රැස්වීමට නියමිතයි.

මාර්තු 09 වන බ්‍රහස්පතින්දා රැස්වන්නේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව,භාණ්ඩ හා සේවා අපනයනය වැඩි කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව,ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව සහ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවයි.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?