Empty Ad
AFC Banner
Empty Ad

අහුංගල්ලේ වෙඩි තැබීමට මෝටර් රථය පැද වූ රියදුරා අල්ලයි

පසුගිය 12 වනදා අහුංගල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීම සඳහා පැමිණි මෝටර් රථයේ රියැදුරා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රඹුක්කන, වාගොල්ලවත්ත, කූරෙම්පොල ප්‍රදේශයේ දී අදාළ පුද්ගලයා ඊයේ (23) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු 41 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර ඔහු වැඩිදුර පරික්ෂ සඳහා අහුංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු පසුගිය 12 වනදා දහවල් අහුංගල්ල ප්‍රදේශයේ RIU හෝටලය ඉදිරිපිට දී ත්‍රීරෝද රථ රියැදුරෙකුට වෙඩි තබා පලාගොස් තිබූ අතර, ඉන් තුවාල ලැබූ 45 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරු බලපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

මෙම මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය කරුණු රැසක් පසුව අනාවරණ කර ගත්තා.

එහිදී මෙම වෙඩි තැබීමට සම්බන්ධයේ අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මිය ගියා.

පසුව සිද්ධියට ආධාර අනුබල ලබාදුන් කාන්තාවක් සහ තවත් පුද්ගලයන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගත් අතර, එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වී මෙම අපරාධය මෙහෙයවා ඇති බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 ලංකාවට එන ක්‍රිකට් වසන්තය මෙන්න
08:03
Video thumbnail
රාමසාන් ඉෆ්තාර් උත්සවය මාර්තු මස 27වන බ්‍රහස්පතින්දා පැවැත්වේ
00:26
Video thumbnail
PRAHARAYA|තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහභාගී වන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:29:34
Video thumbnail
රටක ඇමති කෙනෙක් වෙන්න සුදුසුකමක් තියෙන්න ඕන
10:23
Video thumbnail
අපි මේ මාස ටිකට කරපු දේවල් ඔයාලට හිතා ගන්නවත් බෑ - ඇමතිලා පොලේ යනවා දැකලම නැත්ද නාමල්
08:04
Video thumbnail
තරුණ කටයුතු ඇමතිට විහිළු කළාට ඇමති දීපු උත්තරේ
04:41
Video thumbnail
පිටසක්වල ජීවින් එනවා කියන බඩු නේ මේ - සජබේ නයනක දෙනවා දීමක් ඇප නැති වෙන්න
18:06
Video thumbnail
චන්දන සූරියබණ්ඩාර සුපිරි කතාවක් කරයි
03:19
Video thumbnail
ලොකු හාමුදුරුවෝ ඝා#නය කරයි - සංවේදී දර්ශන ඇති බව සලකන්න
03:03
Video thumbnail
කොන්ද පණ නැති ආණ්ඩුවක් මේ ආණ්ඩුව - හාමුදුරුවෝ මාධ්‍ය හමුවේ ආණ්ඩුවට දෙසයි
12:43

?