ගම්වාසීන්ගෙන් පහරකෑ සැකකරුවෙක් රෝහලේදී මියයයි

කුරුණෑගල, කොබෙයිගනේ  ගම්මානයට  සොරකමකට පැමිණි බව කියන සැකකරුවෙකු ගම්වාසීන්ගෙන් පහරකෑමට ලක්ව, පොලීසිය විසින් නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

කොබෙයිගනේ ගම්මානයේ සොරකමකට පැමිණි බවට සැක කරමින් අදාල තරුණයා අල්ලාගත්  ගම්වාසීන් පිරිසක් පහරදීමෙන් අනතුරුව එම පුද්ගලයා පොලීසියට භාරදී තිබෙනවා.

ඉන් අනතුරුව පොලීසිය විසින් එම සැකකරු නිකවැරටිය රෝහලට ඇතුළත් කළ අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් කියා සිටියේල අදාළ තරුණයාට පහරදුන් බවට සැකපිට ගම්වාසීන් හතර දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවට ප්‍රකාශ කරනවා.