පොලීසිය තුළ තරුණයෙකු මියයාමේ සිද්ධියට හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට

පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටියදී තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අද (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුවන කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඉෂාර හර්ෂ කුමාර නැමැති 29 හැවිරිදි දෙදරු පියෙක් හෝමාගම පොලිස් ස්ථානයේ සිරමැදිරියකදී සැක සහිත ලෙසින් මියගොස් තිබුණා.

පොලීසියේ දැඩි පහරදීම් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවට මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරනවා

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණ ආරම්භ කෙරුණු අතර, සිද්ධියට අදාලව හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති හා පොලිස් ස්ථානයේ උපපොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් සැරයන්වරයෙකු ද වැඩතහනමට ලක්වුණා.

ඒ අතරතුර වැඩතහනමට ලක්වු හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, අද සවස බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අද (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.