තුන්කොන් සටනේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද

තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (27) පැවැත්වෙනවා.

තරගය ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණයේ දී මෙරට වේලාවෙන් පස්වරු 01.30ට ආරම්භ වීමට නියමිතයි.

කෙසේ වෙතත් තරගාවලියේ අවසන් තරගයට මේ වන විටත් ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය තේරී පත්ව අවසන්.

තුන්කොන් තරගාවලියේ මේ දක්වා ක්‍රීඩා කළ සියලු තරග පරාජයට පත් වූ එංගලන්තයට තවදුරටත් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමේ හැකියාවක් නැහැ.

එමෙන්ම මෙම තරගාවලියේ අවසන් තරගය ලබන 31 වැනිදා ගඩාෆි ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනවා.