අහුංගල්ලේ වෙඩි තැබීමට මෝටර් රථය පැද වූ රියදුරා අල්ලයි

පසුගිය 12 වනදා අහුංගල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීම සඳහා පැමිණි මෝටර් රථයේ රියැදුරා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රඹුක්කන, වාගොල්ලවත්ත, කූරෙම්පොල ප්‍රදේශයේ දී අදාළ පුද්ගලයා ඊයේ (23) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු 41 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර ඔහු වැඩිදුර පරික්ෂ සඳහා අහුංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු පසුගිය 12 වනදා දහවල් අහුංගල්ල ප්‍රදේශයේ RIU හෝටලය ඉදිරිපිට දී ත්‍රීරෝද රථ රියැදුරෙකුට වෙඩි තබා පලාගොස් තිබූ අතර, ඉන් තුවාල ලැබූ 45 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරු බලපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

මෙම මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය කරුණු රැසක් පසුව අනාවරණ කර ගත්තා.

එහිදී මෙම වෙඩි තැබීමට සම්බන්ධයේ අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මිය ගියා.

පසුව සිද්ධියට ආධාර අනුබල ලබාදුන් කාන්තාවක් සහ තවත් පුද්ගලයන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගත් අතර, එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වී මෙම අපරාධය මෙහෙයවා ඇති බවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46