ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ප්රදේශයේ පසුගිය 20 වැනිදා රාත්රීයේ අවන්හලක හිමිකරුවෙකුට කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කර කාන්තාවකට තුවාල සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ කාර්යංශය විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.
ඒ අනුව විමර්ශන නිලධාරින් විසින් ඊයේ (28) දින සවස ලුනාව දුම්රියපොල අසලදී මෙම අපරාධයට පැමිණි කාර් රථයේ රියැදුරු ලෙස සිටි සැකකරු අයිස් මත්ද්රව්ය ග්රෑම් 06ක් සමග අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.
සැකකරු අවුරුදු 40 ක් වූ කැලණිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
