කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී කැඳවනු ලැබූ ජොන්ස්ටන් ප්රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳව ඇතැම් මාධ්ය මගින් සාවද්ය පුවත් පළ කර තිබෙන බවට ඔහු චෝදනා කරනවා.
ඒ සම්බන්ධයෙන් ඔහු තම මුහුණු පොතේ සටහනක් යොදා තිබෙනවා.
2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී කැඳවනු ලැබූ ඔහු සම්බන්ධ නඩුව පිළිබඳව ඇතැම් මාධ්ය ආයතන විසින් පළකර ඇති වාර්තාවල සාවද්ය ලෙස කරුණු ඉදිරිපත් කර ඇති බව නිරීක්ෂණය කළ බවට ජොන්ස්ටන් ප්රකාශ කරනවා.
අදාළ නඩුවේදී ඔහු වෙත මෝටර් රථ ආඥාපනත යටතේ වන චෝදනාවන් 3ක් ගොනු කර තිබුණු අතර, අදාළ මෝටර් රථය මෙරටට ආනයනය කිරීම, එහි හිමිකාරිත්වය හෝ ආනයන බදු නොගෙවීම සම්බන්ධයෙන් ඔහු හට කිසිදු චෝදනාවක් ගොනු කර නොමැති බව අවධාරණය කරනවා..
එමෙන්ම අදාළ මෝටර් රථයේ හිමිකරු තමන් නොවන බවද ඔහු කියා සිටිනවා.
එවැනි පසුබිමක වාහන ආනයන බදු වංචාවක් සිදුකළ බවට හෝ එවැනි චෝදනාවකට වරද පිළිගෙන ඇති බවට පළවන මාධ්ය වාර්තා සම්පූර්ණයෙන්ම සාවද්ය හා නොමඟ යවනසුලු බවත්, ගම්පහ මහේස්ත්රාත් අධිකරණයේ මෝටර් රථ ආඥා පනතින් එම මෝටර් රථය සන්තකයේ තබා ගත් පුද්ගලයාට නඩුවක්ද පවරා ඇති බවටත් ජොන්ස්ටන් ප්රකාශ කරනවා.
මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වන නීතිමය චෝදනාවකට වරද පිලිගැනීම වාහන ආනයන බදු වංචාවකට වරද පිළිගැනීම යනු සම්පූර්ණයෙන්ම වෙනස් කරුණු දෙකක් බවට ඔහු පෙන්වා දෙනවා.
එබැවින් ඔහු විසින් වරද පිළිගත් චෝදනාවේ සැබෑ ස්වභාවය විකෘති කර තිබෙන බවටත්, ඔහුට එරෙහිව ගොනු කර නොමැති බදු වංචා චෝදනාවකට වරද පිළිගත් බවට ජනතාව තුළ වැරදි මතයක් ඇති කිරීම අසාධාරණයක් බවත් තම මුහුණු පොතේ සටහන් මගින් අවධාරණය කරනවා.
