Empty Ad
AFC Banner
Empty Ad

අහුංගල්ලේ වෙඩි තැබීම බබාගේ පළිගැනීමක් බව හෙළිවෙයි

අහුංගල්ල, මරදාන ප්‍රදේශයේ ඊයේ (10) සිදු වූ වෙඩි තැබීම අහුංගල්ල, ලෝකන්වත්ත ප්‍රදේශයේ දී පසුගිය බදාදා වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියේ පළිගැනීමක් බවට අනාවරණය වී තිබෙනවා.

පසුගිය බදාදා සිදු වූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ කීර්තිසේන ආබෘෘ යන අයගේ පුතා වන සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුවන නදීෂ් කුමාර ආබෲ නොහොත් ‘අහුංගල්ලේ බබා’ යන ඊයේ (10) සිදු වූ වෙඩි තැබීම මෙහෙයවා ඇති බවයි මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.

ඊයේ (10) පස්වරුවේ අහුංගල්ල, මරදාන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් වයස අවුරුදු 54ක සිවනෙත්ති පියල් ගාමිණී නැමති අයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසේ රැඳී සිටි මෙම පුද්ගලයාට වෙඩි තබා පළාගොස් ඇති අතර, එම පුද්ගලයාට වෙඩි ප්‍රහාර 05ක් එල්ල වී ඇති බවයි විමර්ශන සිදුකරන පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රථිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර මෙම වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය බලපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (10) රාත්‍රියේ සිදුකළ බවයි අහුංගල්ල පොලිසිය සඳහන් කළේ.

මේ අතර පසුගිය බදාදා (08) රාත්‍රියේ අහුංගල්ල – ලෝකන්වත්ත ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුවන් දෙදෙනා පැමිණි ස්කූටර් වර්ගයේ යතුරුපැදිය කොස්ගොඩ පොලිස් වසමේ මාන්වැලිදූව, සුදු වැලිපොත ප්‍රදේශයේ ගිනි තබා තිබිය දී පොලිසිය විසින් ඊයේ (10) උදෑසන සොයාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03

?