අශෝක් අබේසිංහ සජබ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ කුරුණෑගල ප්‍රධාන සංවිධායක ධුරයෙන් සහ පක්ෂයේ දැරූ අනෙකුත් සියලු තනතුරුවලින් හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඉල්ලා අස් වී තිබෙනවා.

එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත ලිපියක් යොමුකරමින් ඔහු මේ පිළිබඳව දැනුම්දී තිබෙනවා.

ඒ, අනුව සමගි ජන බලවේගයේ කුරුණෑගල මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ධුරයට අමතරව, පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්, සමගි සේවක සංගමයේ සභාපති, විපක්ෂ නායක වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික යන සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බවයි අදාළ ලිපිය යොමුකරමින් දැනුම් දී ඇත්තේ.