අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට මාර්තු 1 වන දා සිට කොරෝනා එන්නත

මාර්තු 1 වනදා සිට වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ටත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීමට සැළසුම් කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළා. මෙම එන්නත් මිලියන 9 ක් වහාම මිලදී ගැනීමට ද රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සමඟ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව Gossiplankanews.lk වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිණි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියා සිටියේ කොවැක්ස් පහසුකම යටතේ තවත් එන්නත් ප්‍රමාණයක් මෙරටට ලැබීමට නියමිත බවයි.

ඉන්දීය ප්‍රදානයක් ලෙස ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත පසුගිය 29 වනදා සිට ප්‍රමුඛතාව මත සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ට ලබාදීම ආරම්භ කෙරුණා.

ඒ අනුව දින පහක් තුළ ලක්ෂය ඉක්මවූ පිරිසක් සාර්ථකව එන්නත්කරණයට ලක් කිරීමට හැකිවී තිබෙනවා. මේ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මිලියන 9 ක් වහාම මිලදී ගැනීමට තීරණය කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ  සිල්වා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා - දොළොස්මහේ පහනේ උඩු කොටසට ෂොට් එක දුන් හැටි
01:09
Video thumbnail
අර්චුනා ජගත් මනුවර්ණට ගහපු හින්ට් එක අර්චුනාටම වැදෙයි - "මගේ සහෝදරයා මොන රෙද්දද කිව්වා"
01:27
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ නාන්න ගිය පාසල් ළමුන් පිරිසක් ගසාගෙන ගිහින් - "අර හරියෙන් මතුවෙලා තිබ්බා ඔළුව වගේ"
02:21
Video thumbnail
සත්‍යග්‍රහය ළඟට ඇවිත් හඬා වැටුණු පුද්ගලයා - පොලිසියෙන් ඇවිත් එලවලා දායි
01:14
Video thumbnail
සුරේෂ් සලේට ගොනුකළ නඩුව කල් යයි - අධිකරණ පරිශ්‍රයේ දැඩි ආරක්ෂාවක්
01:58
Video thumbnail
විමල් සෙනඟ මැදින් පිටව යයි - අට්ටාල සේරම ගලවලා දාලා - කට්ටිය වටේටම ෆුල් සුද්දයක් දෙන හැටි
03:05
Video thumbnail
සලේ වෙනුවෙන් කළ සටනට කොමාව තියයි - අපි ඕනෑම වෙලාවක සටන යළි ආරම්භ කරනවා
03:27
Video thumbnail
කාන්තාවක් සත්‍යග්‍රහයේ යකා නටයි - යකෝ පන්සල්වල ඉදපල්ලා..හොර යක්කු මුන් රටවල් කාලා කාලා
01:36
Video thumbnail
සත්‍යග්‍රහයේදි දැම්ම ගීතයට සමවැදිලා ඉන්න ගම්මන්පිල ඇතුළු සෙට් එක - සිංදුවේ තාලෙට අත්පුඩි ගහනවා
01:05
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවේ කෙරුවාව එකක් නෑරම එළියට දායි - ඔයාලට හොරු අල්ලන්න බෑ
12:09