අවුරුදු 50කට පස්සේ ස්පාඤ්ඤයේ පුපුරා ගිය ගිනි කන්ද

ස්පාඤ්ඤයේ කැනරි දූපත්වලට අයත් ලා පල්මා දූපතේ ගිනි කන්දක් වසර 50කට පසු සක්‍රීය වීමෙන් අවට පළාත පුරා ලාවා විසිරීමට පටන් ගෙන ඇතැයි වාර්තා වෙනවා. අවසන් වරට මේ ගිනි කන්ද සක්‍රීය වී ඇත්තේ 1971 වසරේදීයි. පවතින තත්ත්වය මත මේ දකුණු දිග දූපතේ පදිංචි වැසියන් පමණ ඉවත් කිරීමට බලධාරීහු කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි සඳහන් වන්නේ .

ලා පල්මා දූපතේ ජනගහණය අසූදහසක් පමණ වන අතර, මෙහෙයුම් කඩිනම් කළ යුතු බව බලධාරීහු වැඩිදුරටත් කියා සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මීටර් 15ක් පමණ උසට ලාවා විසිරෙමින් පවතින අතර, දැනටමත් නිවාස රැසක් ගිලගෙන ඇතැයි වාර්තා වෙනවා. සංචාරකයන්ගේ සිත් ගත් ගමනාන්තයක් වන ලා පල්මා දූපතේ ගිනි කන්ද සක්‍රීය වන අවස්ථාවේ එහි පන්දහසකට ආසන්න සංචාරකයන් පිරිසක් සිටි බව වාර්තා වෙනවා. 

ගිනි කන්ද පිපිරීමට පටන්ගෙන ඇත්තේ පසුගිය ඉරිදා දහවල් කාලයේදීයි. එම ගිනි කන්ද කුම්බ්‍රි වයිජා නමැති ජාතික වනෝද්‍යානයක් ආසන්නයේ පිහිටා ඇති බැවින් එනමින් හඳුන්වනු ලබන අතර, එය කැනරි දූපත් සමූහයේ ඇති වඩාත්ම සක්‍රීය ගිනි කන්ද ලෙස සැලකේනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32