spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“අවුරුදු 2ක් ණයට වාහන දෙන්න කතා” – වාහන ආනයනය ගැන අලුත්ම තත්වය

වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් විවිධ යෝජනා ඉදිරිපත් කළ ද ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පවසනවා.

ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවර අයවැය සැකසීමේ දී සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් කිසිවෙකුගේ අදහස් නොවිමසූ බවයි.

එහිදී අදහස් දැක්වූසම්පත් මෙරංචිගේ මහතා, 

“ජපන් වගේ රටවල් පාචිච්චිකරපු වාහන ගෙන්වන්න ඒ රටවල් සමඟ අපේ සම්බන්ධකම් තියෙනවා අවුරුදු 2ක් ණයට වාහන දෙන්න කතා කළා හැබැයි මේ කිසිම යෝජනාවක් අපි දුන්නට අපි මේ ලියුම් ලියනවා විතරයි. අපිට පසුබිමක් දෙන්න අපි එක්ක කතා කරන්න අතේ ඇඟිලි ගාණට අපේ ආර්ථිකය ඉතා පහළ වැටිලා කොතනද වැරැද්ද ? නැහැ මේ තීරණ ගන්න පාලකයන්ගේ වැරැද්ද. මේක දුර්වලම අයවැයක් කියලා මම පුද්ගලිකව හිතනවා.“

2020 මාර්තු මාසයේ සිට වාහන ආනයනය නොකිරීමට රජය තීරණයක් ගෙන තිබිණි. මේ දක්වාම එම තීරණය ක්‍රිියාත්මක වන අතර එම වාහන ආනයනය කිරීමේ සීමා ලිහිල් කිරීමට රජය තවමත් තීරණයක් ගෙන නොමැත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
45
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?