අලුත් විවාහය නිවේදනයකර හෝරා කිහිපයකින් පසු 20-20 වාර්තා අලුත් කළ ෂොයිබ් මලික්

පාකිස්ථාන සුපිරි තුන් ක්‍රීඩක ෂොයිබ් මලික්ට තම අලුත් විවාහය නිවේදනය කර පැය කිහිපයකට පසු විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා පොත් අලුත් කරන්නට හැකියාව ලැබුණා.

ඒ, පන්දුවාර විස්ස තරග රටාව තුළ ලකුණු 13,000ක් රැස් කළ පළමු ආසියානු ක්‍රීඩකයා බවට පත් වෙමින්.

එත් සමඟ ඔහු විස්ස තරග රටාවේ ලකුණු 13,000ක් රැස්කළ ලොව දෙවන ක්‍රීඩකයා බවට ද පත් වුණා.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (20) පැවති රංග්පූර් රයිඩර්ස් සහ ෆෝචූන් බැරිෂාල් අතර තරගයේ දී මලික් විස්සයි විස්ස පිටියේ ලකුණු 13,000 සීමාව පසුකර ගියා.

ෂොයිබ් මලික් මේ වනවිට විස්සයි විස්ස තරග 526කට ක්‍රීඩා කරමින් ලකුණු 13010ක් රැස්කරගෙන සිටින අතර, බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක ක්‍රිස් ගේල් විස්සයි විස්ස පිටියේ ලකුණු 13,000ක් රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා වනවා.

41 හැවිරිදි ෂොයිබ් මලික් දැනටමත් ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් ඇති නමුත්, විස්සයි විස්ස තරග ආකෘතිය තුළ තවමත් රැඳී සිටින්නේ 2024 විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් පාකිස්ථාන සංචිතය නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන්.

මේ අතර ඔහු එරට ජනප්‍රිය නිලියක් වන සානා ජාවෙඩ් සමඟ කරච්චියේදී දෙවන වරට විවාහ වූ බව ඊයේ (20) දිනයේ දී නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලංගොඩ බිහිසුණු අනතුරේ CCTV දර්ශන එළියට.."අයියෝ ඒ අම්මේ..දෙයියනේ මොකද වුණේ"
01:57
Video thumbnail
බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලෙන් පැ#න පුද්ගලයාගේ නිසල සිරුර හමුවෙයි
01:28
Video thumbnail
ආණ්ඩුව මේ රට වෙනුවෙන් කිසි දෙයක් කරලා නෑ..ජනතාව ගෙන්නන්න පුළුවන් කියලා අපි පෙන්නුවා නොවැම්බර්
02:56
Video thumbnail
දොර ඇරලා බැලුවේ නැත්තම් අද මගේ කෑලිත් නෑ..මහ පාන්දර ඇවිත් අලි දාන සෙල්ලම් මෙන්න
03:28
Video thumbnail
ජනපතිගේ කතාවෙදි සාගර බයවෙච්ච කාරණය සාගර හෙළිකරයි..මේක රටේ නීතිය අවභාවිතාවක්
04:38
Video thumbnail
බස් රථයක් රියදුරුත් නොමැතිව කඩවල්, වාහන කුඩු කරගෙන මනුස්සයෙක් එක්කම පෙරලෙයි
01:49
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්
00:47
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්..මූණත් වහගෙන පෝළිමට එන හැටි
01:11
Video thumbnail
මහින්දානන්ද පදනම සතු දේපල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට.."අපි මේක මහින්දානන්දගේ කාර්යාලය විදියට කළා"
06:31
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04