අරවින්ද-මුරලි-මහානාම-මහේල හා සංගක්කාර නව ක්‍රිකට් කමිටුවට

මේ වනවිට පසු බැස තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගැනීම සඳහා නව ක්‍රිකට් කමිටුවක් හා නව තේරීම් කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා තීරණය කර ඇති අතර, ඒ සඳහා හිටපු ක්‍රිකට් විශිෂ්ටයන් කිහිප දෙනකුගේ ම නම් යෝජනා වී තිබීම කැපී පෙනේ. 

ඒ අනුව, ක්‍රිකට් කමිටුව සඳහා තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන අරවින්ද ද සිල්වා මෙන් ම රංජිත් ප්‍රනාන්දු, මුත්තයියා මුරලිදරන්, රොෂාන් මහානාම, මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාරගේ නම් යෝජනා වී තිබීම විශේෂත්වයකි. 

එහිදී මෙම ක්‍රිකට් කමිටුව මඟින් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හා පුහුණුකරුවන්ගේ ප්‍රගතිය අධීක්‍ෂණය කිරීම සිදුවනු ඇති බව පැවසේ. 

මේ අතර, නව ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා හිටපු තේරීම් කමිටු සාමාජිකයකු වූ ප්‍රමෝදය වික්‍රමසිංහ මෙන්ම රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, කපිල විජේගුවර්ධන, වරුණ වරාගොඩගේ නම් යෝජනා වී ඇති අතර, එයින් තිදෙනෙකු නව ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා තෝරා ගැනීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මගේ නොම්බරේට වොයිස් මැසේජ් එකක් දාන්න - ලාල් නොම්බරේ දෙයි
06:54
Video thumbnail
මාධ්‍යවේදියාට හරස් වූ කතරගම ප්‍රා.සභාවේ සභාපති ඇතුළු ආණ්ඩුවේ මන්ත්‍රීලා - උණුසුම් තත්ත්වයක්
01:14
Video thumbnail
ත්‍රී‍රෝද රථ රියදුරන් වීඩියෝවක් ලීක් කරයි - "අපේ පාඩුවේ මේ වැඩේ කරගෙන යන්න දෙන්න"
04:07
Video thumbnail
මුජිබුර් ආණ්ඩුවට පාඩමක් උගන්වයි
06:54
Video thumbnail
නාමල්ට කම්කරු ඇමතිට රිදෙන්නම දෙයි
04:58
Video thumbnail
"ජනේලේ කඩලා අයියවයි දරුවොයි බේරගත්තේ" - ගසක් වැටී එකම පවුලේ සිව් දෙනෙක්ට අත්වූ ඉරණම
01:16
Video thumbnail
සංජීව එදිරිමාන්න අධිකරණය ගැන බරපතළ ප්‍රකාශයක් කළේ - නිරායුද සැකකරුවෙක්ට එහෙම ප#ර දෙන්න බෑ
03:13
Video thumbnail
වැල්ලවාය - මොණරාගල පාරේ කඩා වැටීමේ අවධානමක තිබූ ගස් කpa ඉවත්කරයි
01:06
Video thumbnail
අජිත් කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඉහළම අධිකරණවල පුරප්පාඩු 8ක්..විශාල ප්‍රමාණයක් මේ
08:22
Video thumbnail
පාස්කු ප්‍රහාරය වළක්වා නොගත්ත අයට තමයි මුළින්ම දඬුවම් දෙන්න ඕනේ
07:23