Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අරනායක කුඩා ඇලකින් කාන්තා මළසිරුරක් සොයාගැනේ

අරනායක පොලිස් බල ප්‍රදේශයට අයත් අඹදෙනිය වත්ත හරහා ගලා බසින කුඩා ඇලකින් කාන්තා මළසිරුරක් සොයා ගෙන තිබෙනවා.

එම මළසිරුර අඹදෙනිය වත්ත පදිංචි වයස අවුරුදු හැට හතක් වන පෙරියසාමි සෙල්ලයියා මනෝමනි යන තැනැත්තියගේ බව මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

එම තැනැත්තිය මීට දින දෙකකට පෙර සිට අතුරු දහන් වී ඇති බව ඇයගේ අවුලේ අය විසින් අරනායක පොලිසියට පැමිණිලි කර තිබුණා.

ප්‍රදේශවාසීන් විසින් දින දෙකක් පුරා ප්‍රදේශයේ කල සෝදිසි කිරීම් වලදී අද උදෑසන ඇයගේ සිරුර අඹ දිනය වත්ත හරහා ගලා බසින කුඩා ඇලකින් සොයා ගනු ලැබුවා.

මියගිය තැනැත්තියගේ දියණිය කියා සිටියේ මේ මරණය සැක සහිත බවයි. ඒ වගේම මෙම ගම්මානයේ දැඩිව මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අය සිටින බවත් ඇය කියා සිටියා.

ඇය මියගොස් ඇති ස්ථානයට ගමන් කිරීමට ඉතා දුෂ්කර වුණා.

ඇය මියගොස් ඇති ස්ථානය සොකෝ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අරනායක පොලිසිය මඟින් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්