අයිස් සමඟ ඇල්ලූ මහින්ද කහඳගම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගනු ලැබූ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීම සදහා රැගෙන ගොස් තිබෙනවා.

අනතුරුව සැකකරු අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය සඳහන් කළේ.