AFC Banner
Empty Ad
Empty Ad

අයිස් මත්ද්‍රව්‍ය සැකසූ රසායනාගාරයක් යාපනයේ (ඡායාරූප)

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන කළ රසායනාගාරයක් යාපනය, සුන්නාගම්, ඉනුවිල් ප්‍රදේශයේ දී වටලා තිබෙනවා.

එහිදී එම රසායනාගාරයේ සේවය කළ පුද්ගලයින් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

යාපනය දිස්ත්‍රික් පොලිස් අපරාධ නිවාරණ ඒකකයට ලැබුණු තොරතුරක් මත පෙරේදා (12) දින මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

නිවසක් තුළ ඉතා රහසිගත අන්දමින් මෙම මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර, මෙහි ප්‍රධාන සැකකරු පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කොළඹින් රසායනික විශ්ලේෂකයින් ගෙන්වා මෙහි වැඩිදුර විශ්ලේෂණ කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?