නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ වන විට පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදා නිසාවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ පවුල් 1091ක් පීඩාවට පත්ව ඇති බවත් පුද්ගලයන් 05 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව එක් අයෙක් අතුරුදහන්ව සිටින බව නුවරඑළිය දිස්‍ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් පවසනවා.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින ආපදා තත්වය පිලිබදව නුවරඑලියදිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි අද (04) පැවති මාධ්‍ය හමුවකදී දිස්ත්‍රික් ලේකම්වරිය ඒ බැව් සඳහන් කළා.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ, පවුල් 1091ට අයත් පුද්ගලයින් 3951ක් පීඩාවට වී ඇති බවත්, නුවරඑලිය දිස්ත්‍රික්කයේ අවතැන් කදවුරු 20ක පවුල් 523ක්ට අයත් පුද්ගලයින් 2195 දෙනෙකු සිටින බවත්, ඥාති නිවාසවල සාමාජිකයන් 224 දෙනෙකු සිටින බවයි.
නුවරඑලිය දිස්ත්‍රික්කයේ සිදු වූ ආපදාවලින් නිවාස 2ක් පූර්ණ සහ අර්ධ වශයෙන් නිවාස 90ක් හානි වි ඇති බවත්, නිවාස වලට කාන්දු වු ජලය බැස යැමෙන් පසුව එම පිරිස ආපසු ඔවුන් පදිංචි නිවාස වලටම යොමු කිරිමට පියවර ගන්නා බව දිස්ත්‍රික් ලේකම්වරිය සඳහන් කළා.













