අඹුසැමි ජෝඩු දෙක සජීවී ලිංගික දර්ශන චීනෙට විකුණලා – සිව්දෙනාම අත්අඩංගුවට

ලිංගික දර්ශන සජීවීව අන්තර්ජාලය හරහා චීන සමාගමකට යොමු කිරීමේ ජාවාරමක නිරත තරුණ අඹුසැමි ජෝඩු දෙකක් පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් විසින් එම සජීවී දර්ශන යොමු කිරීම මඟින් මහා පරිමාණයෙන් මුදල් උපයා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සහ සැකකාරියන් 22,23,26,27 යන වයස්වල පසුවන බවයි වාර්තා වුණේ.

පිළියන්දල, බටකැත්තර, කෝංගහවත්ත පාර දෙවන පටුමග ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක් තුළ මොවුන් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් සහ සැකකාරියන් සමඟ එම කාර්යය සඳහා යොදාගත් ඇස් ආවරණ සහිත වර්ණ වෙස් මුහුණු ,අයිස් කැප් මුහුණු ආවරණයක්, කාන්තාවන් ස්වයං වින්දනය සඳහා යොදාගන්නා රබර් උපකරණයක් ,ආලෝක කරන ෆ්ලැෂරයක්, ජංගම දුරකථන ඇතුළු උපකරණ රැසක් ද පොලිසිය විසින් මෙහිදී සිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර යුවළ දෙක කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

  1. මෙහි වරද මොකක්ද කාගෙවත් දෙයක් හොරෙන් අරගෙනත් නැ කාගෙවත් දෙයක් විකුනලත් නැ තව කාට හරි වරදක් වෙලත් නැහැ

  2. විවුර්ත ආර්ථිකයේ ප්‍රතිපල 😢රටේ නොහොබිනා පාලනයේ අනිසි ප්‍රතිපල 😢😢😢

  3. උන්ගෙ දේවල් උන් විකුනගෙන තියෙන්නේ……
    තොපි ඉස්සෙල්ල රට චීනෙට විකුනන එක නවත්තපල්ල.

  4. මේවාට වග කියන්න ඕනේ රට පාලනය කරපු හැතිකරය.රට කෑවා,රට ඉවර කලා.මිනිස්සුන්ට දැන් ජිවත් වෙන්න වෙන මොනවද කරන්න තියෙන්නේ.අද රු35000,45000 ඇරන් රැකියාවක් කරලා ජිවත් වෙන්න පුලුවන් ද කියපල්ලා.

    ඒ මිනිස්සු කාටවත් අත පොවන්නැන ති තමන්ගේ ඇග පෙන්නලා කීයක් හරි හොයාගෙන දියුණු වෙනකොට අපේ එවිවන්ට මේවා ඉවසන්න බැහැ.

  5. මේකෙන් කාටවත් වරදක් වෙලා නැහැනෙ ..එයාලගෙ කැමැත්තෙන් එහෙම කරල තියෙන්නෙ කෙනෙක් බොරුවෙන් බල කරල කරා නම් වැරදි ..හොරකම් නොකර ජීවත් වෙන්න මිනිස්සු ඇට දෙක හරි විකුණනව …කවුරුත් උන්ට කන්න අදින්න දෙන්නෙ නැහැනෙ

  6. මොනව වුනත් ඔවුන් රටට ගෙනැත් තියෙන්නෙ විදේශ විනිමය. මට නම් මේකෙ වරදක් පේන්නෙ නෑ.

  7. Chodanaa gonukaranna tharam Nadu nimithak thiyenawda?. Muuna pennalath naa. Lingika kriya cheeneta pennala jeewath wenna Salli hoyanna wela thiyena thanata rata path korapu horu atadanguwata ganilla ahinsaka minissungwa atadanguwata ganne nathiwa.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10