අමිත් වීරසිංහට එරෙහිව වාරණ නියෝගයක්

නව අභිනව අභිනව නිවහල් පෙරමුණේ නායකයා ලෙස කටයුතු කිරීම වළක්වමින් අමිත් වීරසිංහට එරෙහිව කැස්බෑව දිසා අධිකරණය විසින් වාරණ නියෝග නිකුත් කර තිබෙනවා.

නව අභිනව නිවහල් පෙරමුණේ අභ්‍යන්තර පරිපාලනය සහ නායකත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති ඕෂල හේරත් විසින් පවරන ලද නඩුවක් සලකා බැලූ කැස්බෑව දිසා අධිකරණය, පැමිණිලිකරු ඉල්ලා සිටි වාරණ නියෝග නිකුත් කළා.

ලබන මාර්තු 01 වන දින පක්ෂයේ විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීම සඳහා 2026 පෙබරවාරි 12 වන දින පවත්වන ලදැයි කියනු ලබන විධායක සභා රැස්වීමක නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් මෙම නඩුව පවරා තිබුණා.

අදාළ රැස්වීම පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව කැඳවා නොමැති බවත්, එහිදී සම්මත වූ කිසිදු යෝජනාවක් ව්‍යවස්ථානුකූල නොවන අතර ඒවා ශුන්‍ය සහ බල රහිත වන බව පැමිණිලිකරු තර්ක කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, ඉල්ලා සිටි වාරණ නියෝග ලබා දීමට තීරණය කළා.

ඒ අනුව, 2026 මාර්තු 01 වන දින පැවැත්වීමට නියමිත රැස්වීම වැළැක්වීම, පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව විධායක සභාවක් පැවැත්වීමෙන් වත්මන් පක්ෂ නායකයා සහ ලේකම්වරයා වැළැක්වීම සහ අමිත් වීරසිංහ පක්ෂ නායකයා ලෙස පෙනී සිටිමින් මහජනයා නොමඟ යැවීම වැළැක්වීමේ වාරණ නියෝග නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !