අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරු දෙදෙනෙක්

අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශ සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සඳහා මෙලෙස නව ලේකම්වරු පත්කර ඇති බව සඳහන්.

ඒ, අනුව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් චූලානන්ද පෙරේරා පත්කර තිබෙනවා.

ජනවාරි 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක කාලයක් සඳහා ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.

එමෙන්ම ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ඩබ්ලිව්. සමරදිවාකර පත්කර තිබෙනවා.

3 9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?