ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපතිවරයා ලෙස ජේ ෂා දෙවැනි වරටත් තේරී පත්ව තිබෙනවා.
ඉන්දුනීසියාවේ බාලිහි පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් අතරතුර අධ්යක්ෂවරුන් විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ජේ ෂා, ඒකමතික තීරණයක් මත සභාපති ලෙස තේරී පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කර ඇත්තේ, ජේ ෂාගේ නායකත්වය පිළිබඳ අධ්යක්ෂ මණ්ඩලය තබා ඇති විශ්වාසය මෙම තීරණයෙන් පිළිබිඹු වන බවයි.
CC අධ්යක්ෂ මණ්ඩලය තමන් කෙරෙහි තැබූ විශ්වාසයට ස්තුතිවන්ත වන බව දෙවැනි වරටත් ICC සභාපතීත්වයට පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජේ ෂා සඳහන් කර තිබෙනවා.
එමෙන්ම, 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව යළි එක්වීම, ලොව පුරා නව ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරගැනීමට සුවිශේෂී අවස්ථාවක් වනු ඇති බව ඔහු සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
